ගණකාධිකාරිවරයෙකුට බරපතල වැඩ සහිත වසර 367 ක සිර දඩුවමක්

ගණකාධිකාරිවරයෙකුට බරපතල වැඩ සහිත වසර 367 ක සිර දඩුවමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රුපියල් විසි එක් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීම ඇතුලු අධි චෝදනා 19 කට වරදකරු වූ ගණකාධිකාරිවරයෙකුට බරපතල වැඩ සහිත වසර 367 ක සිර දඩුවමක් අද නියම කළේය. 

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතායි නියෝගය ලබා දුන්නේ. විත්තිකරුට රුපියල් ලක්ෂ 19 ක දඩයක්ද මෙහිදී නියම කෙරුණා.

2000 වසරේ සහ 2001 වසර ඇතුළත පැමිණිලිකාර සමාගමේ සේවය කළ ගණකාධිකාරිවරයා රුපියල් ලක්ෂ 21 කට අධික මුදලක් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

විත්තිකරු අධිකරණය මග හැර සිටින අතර ඔහු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙසට ද අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කළේය.

අදාළ දඩුවම නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා සදහන් කර සිටියේ මෙවැනි වංචා සිදුකරන සෙසු විත්තිකරුවන්ටද පාඩමක් ඉගෙන ගැනීම සදහා මෙවැනි දඩුවමක් ප්‍රකාශයට පත් කළ බවයි.