FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරීන් 60 දෙනෙකුට ස්ථාන මාරුවීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 60 දෙනෙකුට වහා ක්‍රියාත්මක වන පිරිදි පොලිස් කොමිසම විසින් ස්ථාන මාරුවීම් ලබාදීමට කටයුතු කර ඇත. 

ඒ අනුව බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එස්. ජයසුන්දර බස්නාහිර – උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති අතර, මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කේ.ඩී.ඒ. කරවිට – එම දිසාවට අමතරව බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරී ආවරණය කිරීම සඳහා යොදවා තිබේ.

එමෙන්ම , සුබ සාධක දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ආර්.එල් කොඩිතුවක්කු පොලිස් මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසටත් , ක්ෂේත්‍ර බලකා මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.කේ. සිල්වා එම දිසාවට අමතරව සුබ සාධක දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

මෙලෙස ස්ථාන මාරුවීම් ලැබූ පිරිස අතරට එමෙන්ම, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකු, පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙකු සහකාර පොලිස් අධිකාරීවරුන් 17 දෙනෙකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 20 දෙනෙකු අයත් වෙයි.