(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින අයහපත් කාළගුණය හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු පරන්තන් මාර්ගයේ (ඒ-35) වල්ලිපුනම් කාලි කෝවිල අසල ඉදිකොට තිබූ පාලම වර්ෂාවට හසුවී කඩා ගෙන යාම නිසා එම මාර්ගය කොටස් දෙකකට කැඩීගොස් තිබේ.
මේ හේතුවෙන් පුදුකුඩිඉරිප්පු පරන්තන් මාර්ගයේ සියළුම ගමනාගමන කටයුතු අඩාල වී ඇත.
කැඩී ගිය පාලමේ කොටසක්වත් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර පාලම කැඩී යාම නිසා මහා මාර්ගය කැබලි දෙකකට වෙන් වී විශාල කොටසක් හිඩැසක් බවට පත් වී තිබේ.








