FAST NEWS

24×7 Around the Globe

පාසල් ළමුන්ගේ නිල ඇඳුම් වව්චර් ක්‍රමය අඛණ්ඩව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීම වෙනුවෙන් ආරම්භ කර ඇති වව්චර් ක්‍රමය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් නොමැති බව ද සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදීයි.

එමෙන්ම, උසස් පෙළ සිසුන් වෙනුවෙන් මෙම වව්චර් ලබාදීමේදී අමතර ප්‍රතිපාදනයක් සිදුකිරීමට බලාපොරොත්තුවන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.