(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් මැතිවරණ නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාසල්වලට ළමුන් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට නියෝග කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන ආකාරයට පසුගිය ඔක්තෝබර් මස 7 වනදා සිට නොවැම්බර් මස 26 වන දින දක්වා කාලය තුළ එලෙස නීති විරෝධී ආකාරයෙන් පාසල්වලට ළමුන් ඇතුලත් කිරීමට අදාලව නිකුත් කරන ලද ලිපි 427 ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය තිබේ.
අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ව්‍යාජ අත්සන් එම ඇතැම් ලිපිවලට යොදා ඇති බවට ද අනාවරණය වී ඇත.
ඒ අනුව අදාල සිද්ධීන් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකර සති 3ක් ඇතුලත තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන් වෙත නියෝග කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.








