FAST NEWS

24×7 Around the Globe

සහරාන්ගේ අනුගාමිකයන් 64 ක් තවදුරටත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අප්‍රේල් 21 වනදා එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 64 දෙනෙකු ලබන 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් ඒ. සී රිස්වාන් මහතා අද (05) නියෝග කළේය.  

ත්‍රස්ත ප්‍රහාර මාලාවේ ප්‍රධාන බෝම්බකරුවෙකු වූ සහරාන් හෂීම් නැමති ත්‍රස්තවාදියා යටතේ නුවරඑළිය කඳවුරේදී ආයුධ පුහුණුවී ඇති බවට චෝදනා එල්ලවී ඇති සැකකරුවන් 64 දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.