(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාසල්වලට දරුවන් ඇතුලත් කිරීමට අදාලව නීති විරෝධීව නිකුත් කරන ලද ලිපි 427ක් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
මැතිවරණ නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අදාළ ලිපි තොගය නිකුත් කර තිබේ.
පසුගිය ඔක්තෝම්බර් 07 වනදා සිට නොවැම්බර් 02 දක්වා කාලය තුල මෙම ලිපි යොමුකර ඇති අතර , ඇතැම් ලිපිවල අමාත්‍යංශ ලේකම්වරුන්ගේ ව්‍යාජ අත්සන් යොදා ඇති බවද අනාවරණ වී තිබේ.
මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශණය කර සති තුනක් ඇතුලත තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙසට ද අධ්‍යාපන අමාත්‍යවරයා අදාළ බළධාරීන්ට උපදෙස් ලබාදී ඇත.








