(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මගී ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය විසින් දුර ගමන් සේවා බස් රථ නවත්වන ආපන ශාලා හා හෝටල් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂාවක් සිදු කිරීමට සැළසුම් කර තිබේ.
මගී ජනතාවට සිදුවන අපහසුතා පිළිබඳ සැළකිල්ලට ගෙන මේ පියවර ගත් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේය.
ඒ, අනුව සෑම දිස්ත්‍රික්කයක් සඳහාම මගී පහසුකම් පිළිබඳව සොයා බැලීමට කළමනාකාරවරයෙක් පත්කරන බව ද ඔහු කියා සිටියේ ය.
ආපන ශාලා ප්‍රමිතිගත කිරීමෙන් පසු ගන්නා පියවර සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැහැදිලි කිරීමක් කළේ ය.








