FAST NEWS

24×7 Around the Globe

පාසල් පෙළ පොත් පළමු දිනයේම ලබාදීමට කටයුතු කරන්නැයි උපදෙස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 වසර සඳහා පාසල් පෙළ පොත් පළමු පාසල් වාරයේ පළමු දිනයේම සිසුන්ට ලබාදීමට කටයුතු කරන්න ලෙස අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා විසින් පාසල් ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වනවිට සිසුන් 1500ට වැඩි  සියලු පාසල්වලට අධ්‍යාපන අමාත්‍යාංශය විසින්  සෘජුව ම බෙදා දී ඇති බවයි.

තවද අනෙකුත් සියලු පාසල් සඳහා අදාළ පෙළපොත් කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සහ පර්ෂද පාසල් මධ්‍යස්ථානවලට ලබා දී ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

පෙළ පොත් ඌනතා පිළිබඳ කිසියම් ගැටළුවක් ඇත්නම් 0112784815 යන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙස අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා සියලු විදුහල් ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.