FAST NEWS

24×7 Around the Globe

සහල් මිල ගණන් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙළෙඳපොළේ සහල් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසයි.

බොහෝ සහල් වර්ගවල මිළ ගණන් රුපියල් 100ත් 150ත් අතර මට්ටමක පවතින බවට වාර්තා වේ.

මෙය තම ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට දැඩිව බලපා ඇති බව ඔවුහු පෙන්වා දෙති.

වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව අභ්‍යන්නර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.

ඒ හේතුවෙන් දැනට රජය සතුව ඇති වී මෙට්‍රික් ටොන් 40000 ක් කඩිනමින් සහල් බවට පත්කිරීම සඳහා මේ වනවිටත් පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

එය ලක් සතොස හරහා ඉදිරි සතියේදී වෙළෙඳපොළට ලැබෙනු ඇත.

කෙසේ වෙතත් සහල් ආනයනය සඳහා රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අනුර ප්‍රියදර්ශන යාපා වැඩිදුරටත් සඳහන් කළේ ය.