(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හලාවත සහකාර පොලිස් අධිකාරි කීර්ති බණ්ඩාර මේ මස 13 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළාය.
මෙම සහකාර පොලිස් අධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයාට ඇප ලබාදෙන ඉල්ලීමක් කළ අතර ඒ සම්බන්ධයෙන් නියෝගය එදිනට ලබාදෙන බව මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.
හලාවත – මුන්නේෂ්වරම් ප්‍රදේශයේ පිහිටි දේවාලයකින් නැතිවූ වාලම්පුරි දෙකක් සොයාදීම සඳහා එහි භාරකාරියගෙන් රුපියල් ලක්ෂ 02 ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් එක්ලක්ෂ 90,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමට යාමේදීයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මොහු අත්අඩංගුවට ගනු ලැබුවේය.
එමෙන්ම අල්ලස් කොමිසම අද අධිකරණයට දැනුම් දුන්නේ පැමිණිලිකාරිණියට මරණ තර්ජන ඇති බවට පොලිසියට සහ අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇති බවයි.








