මෙරට සිදුවූ බිහිසුණුම ගුවන් අනතුරට වසර 45ක් සපිරේ

මෙරට සිදුවූ බිහිසුණුම ගුවන් අනතුරට වසර 45ක් සපිරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රි ලංකාවේ සිදු වු බිහිසුණුම ගුවන් අනතුර සිදු වි අදට වසර 45 ක් සපිරෙයි.

1974 වසරේ අද (04) වැනි දවසක මක්කම බලා පියාසර කරමින් තිබු ඕලන්ද රාජ්‍යයට අයත් මාර්ටින් එයාර් ඩිසි 08 ගුවන් යානය සප්ත කන්‍යා කන්දේ ගැටී අනතුරට පත් වුණි.

එහි ගමන් ගත් 191 දෙනෙකු ජිවිතක්ෂයට පත් වි තිබුණු අතර මෙය ඉන්දුනිසියාවේ සුරවෙයාර් ගුවන්තොටුපලින් වන්දනාකරුවන් 182 ක් සහ කාර්යය මණ්ඩලයේ 9 දෙනෙකු රැගෙන මක්කම බලා පියාසර කරමින් තිබුණි.

අනතුරට පත් ගුවන් යානයේ ඉදිරිපස රෝදයක් දැනට නෝටන්බ්‍රිජ් පොලිසිය ඉදිරිපිට විමලසුරෙන්ද්‍ර ජලාශ වේල්ල අසල සිහිවටනයක් සේ තබා ඇත.

ගුවන් අනතුරෙන් මිය ගිය ගුවන් යානයේ ගමන් ගත් කාර්යය මණ්ඩලයේ 9 දෙනාගේ නම් එම සිහිවටනය අසල සඳහන් කර ස්මාරකයක් ද තනා ඇති බව සඳහන්.