(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජංගම දුරකථන යෙදුම් හෙවත් ඇප් සම්බන්ධයෙන් ප්‍රවේශම්වන්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
ෆේස් ඇප් ඊට උදාහරණයක් ලෙස පෙන්වා දෙන ඔවුන් මේ හරහා පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලුවක් පැනනැගෙන බව කියා සිටියි.
ඒ අනුව එම යෙදුම සම්බන්ධයෙන් විවිධ පාර්ශව පරික්ෂණ ආරම්භ කළ අතර එහිදී හෙළි වුණේ ඇමරිකාවේ රාජ්‍ය බුද්ධි සේවාව, ඇමරිකානුවන් ඉලක්ක කරගනිමින් මෙය ක්‍රියාත්මක කරන බවයි.
එම යෙදුම පමණක් නොව රුසියාවේදී සංවර්ධනය කරන ලද ජංගම යෙදුම් ඇමරිකානුවන්ට තර්ජනයක් වන බවද එෆ් බී අයි ආයතනය අනාවරණ කළේය.
ඒ නිසා මෙවැනි යෙදුම් වල ගොදුරක් බවට ශ්‍රී ලාංකිකයන්ද පත්වන බැවින් සමාජ ජාල ඔස්සේ රැල්ලට සංසරණයවන යෙදුම් භාවිත කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අන්තර්ජාල පරිශීලකයන්ට දැනුම් දෙයි.








