(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දිනෙත් මිලාන් හෙවත් ඌරුජුවාගේ කප්පම් මුදල් එකතු කිරීමේ කටයුතුවල යෙදුණු ගෝලයන් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින්, කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍යද පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ.
මීට අමතරව , හංවැල්ල, ජල්තර සහ ඇඹුල්ගම ප්‍රදේශවල පසුගිය සෙනසුරාදා සිදුකළ මෙහෙයුමකදී අංගොඩ ලොක්කා සහ ඌරුජුවාගේ සහයකයින් ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.








