FAST NEWS

24×7 Around the Globe

පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිසමට කැඳවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට අද (04) මැතිවරණ කොමිසන් සභාව වෙත කැඳවා තිබේ.

විශේෂ සාකච්ඡාවක් සඳහා කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතයි.

එහිදී මැතිවරණ ප්‍රචාරක වියදම් සීමා කිරීම, ඇප මුදල් ප්‍රමාණය වැඩි කිරීම සහ මාධ්‍ය භාවිතාව වැනි කරුණුවලට අදාලව නව සංශෝධන සිදුකිරීම පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන්.