(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන සෙනසුරාදා පස්වරුවේ සිට ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පිවිසෙන ආඩිඅම්බලම සහ කටුනායක ගුවන්තොටුපල මාර්ගයෙහි එක් මංතීරුවක් වසා තැබේ.
කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ එම මාර්ගයේ සිදුකරන ජලනල එලීමේ කටයුතු හේතුවෙන් මෙලෙස මාර්ගයේ එක් මංතීරුවක් වසා තැබෙන බව නිවේදනයක් නිකුත් කරමින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි කළමනාකාරිත්වය සදහන් කළේය.
මේ හේතුවෙන් මිනුවන්ගොඩ – කිඹුලපිටිය දෙසින් නයිකන්ද ඔස්සේ ගුවන්තොටුපල වෙතට පිවිසෙන ගුවන් මගීන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි ගුවන්තොටුපල කළමනාකාරිත්වය ඉල්ලා සිටියි.








