FAST NEWS

24×7 Around the Globe

රට පුරා අඳින සිතුවම් ජනපතිගේ පැසසුමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් මඟින් රට පුරා අලංකාරත්වයක් ඇති කිරීමට සිතුවම් කරන තරුණ පෙළ පිළිබදව ප්‍රංශසා කර තිබේ.

තරුණ පෙළේ නවමු අදහස්, නායකත්වය, සහ කණ්ඩායම් හැගීම ඔස්සේ අප රටේ ඉදිරි අනාගත ගමන් මග වෙනස් කරලීමට ශක්තිමත් අඩිතාලමක් සකස් කරමින් පවතින බව එමඟින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

තරුණ පරපුරේ නිර්මාණශීලීත්වය ධනාත්මක ශක්තියක් ලෙස යොදා ගනිමින් ඵලදායී සංස්කෘතියක් අප සමාජය තුළ බිහි වෙමින් පවතින බවත් එම තරුණ පෙළ පිළිබඳව තමා සැබවින්ම ආඩම්බර වන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.