FAST NEWS

24×7 Around the Globe

ඉතාලි සහ නෝර්වේ තානාපතිනියන් ජනපති හමු වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා ජී. මැනෙල්ලා (Rita Giuliana Manella)ඊයේ (02) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය.

නව දැක්මක් සහිතව ඉදිරියට යන ශ්‍රී ලංකාව සමඟ පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට සිය රජය අපේක්ෂා කරන බව පැවසූ තානාපතිවරිය කියා සිටියේ ජනාධිපති ධූරයට පත්වීම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ වෙත තමන්ගේ සහ ඉතාලි රජයේ සුභාශිංසන පිළිගැන් වුවාය.

ගෝඨාභය රාජපක්ෂ නව වැඩපිළිවෙළත් සමඟ ශ්‍රී ලංකාව ආර්ථික, සාමාජයීය ඇතුළු සියලු ක්ෂේත්‍රයන්ගෙන් කඩිනමින් ඉදිරියට ගමන් කරනු ඇති බවට විශ්වාසය පළ කළ තානාපතිවරිය එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනිමට හැකි උපරිම සහාය ලබා දෙන බව ද කියා සිටියාය.

ශ්‍රී ලංකාවේ සිටින නෝර්වේ තානාපතිනි ට්‍රයිනි ජොරන්ලි එස්කෙඩෙල් (Trine Joranli Eskedal)ඇතුළු දූත පිරිස ද ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වූහ.

තානාපතිවරිය ඇතුළු දූත පිරිස ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය සුභාශිංසන පළ කළ අතර නව දැක්මක් සහ ශක්තිමත් පදනමක් සහිත ශ්‍රී ලංකා නව ජනපතිගේ වැඩපිළිවෙළට සිය රජයේ ද උපරිම සහාය ලබාදෙන බව තානාපතිවරිය ප්‍රකාශ කළාය.