ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාවලිය අද (21) ජනාධිපතිවරයාට සහ අග‍්‍රාමාත්‍යවරයා වෙත යොමු කෙරෙනවා.යෝජනා 20 කින් සමන්විත මෙම ලියවිල්ල ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන බවයි ජනතා විමුක්ති පෙරමුණ මහ ලේකම් ටිල්වින් සිල්වා ප‍්‍රකාශ කළේ.
දේශපාලන සහ ආර්ථික ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් සකස් කළ යෝජනා රැසක් එයට ඇතුලත්ව තිබෙනවා.ඊට අමතරව වංචා දුෂණවලට සම්බන්ධ පුද්ගලයන් නීතියට හමුවට පැමිණවීම , විධායක ජනාධිපති ක‍්‍රමය සම්පුර්ණයෙන් අහෝසිකිරීම සහ පක්ෂ මාරුකරන මන්ත‍්‍රිවරුන්ගේ මන්ත‍්‍රී ධුර අහෝසි කිරිම යන කරුණුවලට අදාල යෝජනා ද එහි ඇතුලත් බවයි වාර්තා වන්නේ.







