(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිංහල සාහිත්‍ය මෙන්ම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ කීර්තිමත් පඩිවරයෙකු වූ කලාකීර්ති මහාචාර්ය විනී විතාරණ අද (02) අභාවප්‍රාප්ත වුණා.
රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ප්‍රථම අංශ ප්‍රධාන මහාචාර්යවරයාව සිටි මියයනවිට 91 වන වියේ පසුවූ ඔහු මියයනවිට 91 වන වියේ පසු විය.
ඉතිහාසය, භූගෝල විද්‍යාව, පුරාවිද්‍යාව, මානව විද්‍යාව ඇතුලූ විෂයන් රැසක ප්‍රවීනයෙකු වූ මහාචාර්ය විනී විතාරණ ග්‍රන්ථ රැසක් රචනා කළ අතර, මුවදෙව්දාවත, සසඳාවත, මයුර සන්දේශය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනු ලැබුවේය.
හෙට (03) දිනය දක්වා මහාචාර්ය විනී විතාරණගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරෙන අතර, අනිද්දා (04) දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත වේ.








