FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය පවසන ආකාරයට වත්තල හේකිත්ත මාර්ගයේ ප්‍රධාන ජල නළයක හටගත් හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබේ.

හේකිත්ත, පල්ලියවත්ත, ඇළකන්ද, බලගලවත්ත, මරදානපාර, වැලිඅමුණ, ඇළකන්ද පාරේ කොටසකට සහ හැඳල පාර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

අදාළ නළ මාර්ගය පිළිසකර කර යථාතත්වයට පත්කළ හැකි වේලාව දැනුම් දීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.