FAST NEWS

24×7 Around the Globe

ත්‍රිවිල් මීටර නීතිය අනිවාර්ය කිරීම කඩිනමින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා මීටරය අනිවාර්ය කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික අධිකාරිය තීරණය කර තිබේ.

එම අධිකාරිය පවසන ආකාරයට 2018 වසරේදී ත්‍රීරෝද රථ සඳහා මීටරය අනිවාර්යය කිරීමේ නීති හදුන්වා දුන්නද එය බලාත්මක කිරීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බවයි.

මේ හේතුවෙන් ත්‍රීරෝද රථ භාවිත කරන මගී ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවන බැවින් රජය සමඟ සාකච්ඡා කර ත්‍රිරෝද රථ මීටරය අනිවාර්ය කිරීමේ නීතිය කඩිනමින් බලාත්මක කිරීමට මැදිහත් වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කරයි.