FAST NEWS

24×7 Around the Globe

කාන්තා පොලිස් නිලධාරිනියන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කාන්තා පොලිස් නිලධාරිනියන් හත්දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.

බඳවාගැනිමේ පටිපාටියට අදාළව සුදුසුකම් සම්පූර්ණ කර තිබූ පොලිස් අධිකාරී නිලයේ කටයුතු කළ නිලධාරිනියන් හත්දෙනෙකු සඳහා එම උසස්වීම් ලබාදීමට පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දී ඇත.

එලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කරන ලද නිලධාරිනියන් හත්දෙනා අතර, ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ලංකා අමරසේන, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා රේණුකා ජයසුන්දර ද වේ.

දැනට විශ්‍රාම ගොස් සිටින ප්‍රමිලා දිවාකර පොලිස් ඉතිහාසය තුළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ කටයුතු කර ඇත්තේ එක් නිලධාරිනිය වේ.