FAST NEWS

24×7 Around the Globe

බදු සහන ගැසට් පත්‍රය නිකුත් වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වත්මන් රජය විසින් පසුගිය දා සංශෝධනය කරන ලද වැට් බද්ද ඇතුළු බදු සංශෝධන ඊයේ (01) සිට ක්‍රියාත්මක වන බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ.

ඍජු බදු සංශෝධනය ලබන වසරේ ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක වන බවද ඉතා නුදුරේදී පවතින දේශීය ආදායම් පනත සංශෝධනයට පියවර ගන්නා බව ද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.