FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානු විදේශ ඇමති දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්තානු විදේශ අමාත්‍ය මහමුද් කුරේෂි දෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ(01) රාත්‍රීයේ පාකිස්ථානු විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණ ඇත.

මෙම සංචාරය තුළදී පාකිස්ථානු විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවීමට නියමිතව තිබේ.

පකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ විශේෂ ලිපියක් ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිත බවත් මෙය ඉතාමත් විශේෂ සංචාරයක් බවත් විදේශ කටයුතු අමාත්‍ය මහමුද් කුරේෂි ප්‍රකාශ කර තිබේ.