(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධික වර්ෂාපතනය හේතුවෙන් වළපනේ ප්‍රදේශයේ සිදු වූ නාය යෑම් නිසා පුදගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරන්නේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග රැසකට පසු කදු කඩා වැටීම් වාර්තා වී තිබෙන බවයි.
එමෙන් ම නාය යෑම් පවතින ස්ථානවල ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස ද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
එමෙන් ම මේ වනවිට බදුල්ල,රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික් තුනකට නාය යෑම් අවධානම් නිවේදන නිකුත් කර ඇති බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.








