(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා විශේෂයෙන්ම උතුරු,වයඹ,බස්නාහිර, සබරගමුව, මධ්‍යම දකුණු පළාත්වලත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ඇතැම් ස්ථානවලට මි.මී.100-150 පමණ තද වර්ෂාපතනයන් ඇතිවිය හැක.(විශේෂයෙන්ම යාපනය, කිලිනොච්චි, මන්නාරම, පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවර-එළිය, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල).
සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.








