(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරය නිම කරමින් ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
සිය ප්‍රථම විදෙස් සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
එහිදී මෙරට යටිතල පහසුකම් සහ ආර්ථික සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400 ක ණය ආධාර මුදලක් සහ බුද්ධි අංශ ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ණය ආධාර මුදලකුත් ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.








