(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 වසරේ ගත වූ මාස 11 තුළ නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධ නඩු 15,000ක් පමණ විමර්ශන අවසන් කර තිබේ.
ඊට අනුව නඩු පැවරීම සඳහා මහාධිකරණ වෙත අධිචෝදනා 9000 ක් යොමු කර ඇති බවයි නීතිපති දප්පුල ද ලිවේරාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ නිෂාරා ජයරත්න මෙනෙවිය කියා සිටියේය.








