FAST NEWS

24×7 Around the Globe

ජූඩ් ජයමහට විදේශගතවීමේ තහනමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණය විසින් , මරණීය දණ්ඩනය නියම වී සිටියදී ජනාධිපති සමාව හිමිවූ ජුඩ් ශ්‍රමන්ත ජයමහට විදේශ ගතවීම වළක්වමින් අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරව ලබා දුන් ජනාධිපති සමාවට එරෙහිව ගොනු කළ පෙත්සමක් සළකා බැලු අවස්ථාවේදී ය.

බුවනෙක අළුවිහාරේ , විජිත් මලල්ගොඩ හා ගාමිණි අමරසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

කාන්තා හා මාධ්‍ය එකමුතුව විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණේය.