FAST NEWS

24×7 Around the Globe

මහින්ද දේශප්‍රිය ඉල්ලා අස්වෙන බව දැනුම්දෙයි [LETTER]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව කථානායකවරයාට දන්වා තිබේ. 

කථානායක මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

මහින්ද දේශප්‍රිය මහතා මෙම අවස්ථාවේදී ස්වකීය ධූරයෙන් ඉවත් නොවී පූර්ණ කාලයම එහි කටයුතු කිරීම සුදුසුය යන්න තම අදහස බව , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාර දැක්වූ කථානායකවරයා සඳහන් කර සිටියේය.

පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් සභාපතිවරයාගේ නා‍යකත්වය යටතේ මැතිවරණ කොමිසන් සභාව ඉටුකළ විශිෂ්ඨ කාර්යභාරය ද කථානායකවරයා විසින් අගය කළේය.