(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යාල්දේවි දුම්රිය පීලි පැනීම හේතුවෙන් බාධා එල්ල වී තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබේ.
අද(29) පෙරවරුවේ නැවතත් කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවනය වූ බව දුම්රිය ගමනාගමන අධිකාරී වජිර පොල්වත්ත සඳහන් කළේය.
පෙරේදා පස්වරුවේ යාල්දේවි දුම්රිය අඹන්පොළ සහ ගල්ගමුව දුම්රිය ස්ථානය අසළ දී පීලි පැනීමට ලක්වීම හේතුවෙන් කොළඹ කොටුවේ සිට උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය මහව දක්වා සීමා කෙරිණි.
යාපනය සිට පැමිණෙන දුම්රිය අනුරාධපුර දක්වා සීමා කිරීමට පියවර ගෙන තිබිණි.








