FAST NEWS

24×7 Around the Globe

ජනපති සහ ඉන්දීය අගමැති අතර අද හමුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එරට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතව ඇත.  

ජනාධිපතිවරයාව පිළිගැනීමේ උත්සවයක්ද ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපති භවන් හිදී පැවැත්වීමට නියමිත අතර , ඉන් අනතුරුව දෙරටේ ජනාධිපතිවරුන් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයා ඊයේ (28) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ළඟා වූ අතර, එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ ඉන්දීය රාජ්‍ය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ. සිං විසින්.