FAST NEWS

24×7 Around the Globe

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ආරක්ෂාව සඳහා ධුමායන කටයුතු සිදුකරන ලෙසට පාසල් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබේ.

විභාගය පැවැත්වීමට පෙර හෝ ඉරිදා දිනයකදී සෞඛ්‍ය නිලධාරින් සමග සාකච්ඡා කර එම ධුමායන කටයුතු සිදුකරන ලෙසට උපදෙස් ලබාදී ඇත.

ලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර දෙමව්පියන් සම්බන්ධ කර ගනිමින් පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය සියලූම පාසල් ප්‍රධානීන්ට දැනුම්දී තිබේ.