FAST NEWS

24×7 Around the Globe

බැසිල්ට විදෙස් ගත වීමට අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව අවලංගු කිරීමට කොළඹ මහාධිකරණය අද (28) නියෝග කරයි.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ අද යලි කැඳවූ අවස්ථාවේදී.

2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් එක්කෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැය කර මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් මුද්‍රණය කර ඛෙදාහැරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාලවයි මීට පෙර බැසිල් රාජපක්ෂ මහතාට විදෙස් ගමන් තහනමක් පණවා තිබුණේ.

මෙම නඩුව ලබන වසරේ මාර්තු 30 වනදා යළි කැඳවීමට නියමිතයි.