FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ආයතන පත් කිරීම් නිර්දේශ ලබන මස 18 ට පෙර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රාජ්‍ය ආයතන සඳහා පත් කිරීමට සුදුසුකම් ලත් වෘත්තිකයන් පිළිබඳ නිර්දේශ ලබන මස 18 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය අදාල කමිටුවට දැනුම් දී තිබේ. 

ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව රාජ්‍ය ආයතන සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන් පත් කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට සය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති අතර , ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධාරියෙකු වන සුමිත් අබේසිංහ මහතා එහි ප්‍රධානියායි.

කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ සුසන්ත රත්නායක , ආචාර්ය නාලක ගොඩහේවා , ඩයන් ගෝමස් , ආචාර්ය ප්‍රසන්න ගුණසේන සහ ආචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුන්ය.