FAST NEWS

24×7 Around the Globe

පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව නවතී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු ඊයේ (27) දිනයේ සිට තාවකාලිකව නරත කර ඇති බව වාර්තා වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් කිසිදු මාධ්‍ය නිවේදනයක් ඊයේ දිනය තුළ මාධ්‍ය ආයතන වෙත නිකුත් නොකළ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ජංගම දුරකතනය ද ක්‍රියාවිරහිත කර තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථාවර දුරකතන අංකයන් ද ඊයේ දිනය තුළ ප්‍රතිචාර නොදැක්වුවේය.

පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය හරහා නව ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බැවින් පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව නතර කර ඇති බව වාර්තා වේ.