FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ පළමු විදෙස් සංචාරය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (28) දෙදින නිල සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව වන අතර ජනාධිපතිවරයා මෙහිදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් හමුවීමට ද නියමිතව ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවීනාත් ආරියසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්.ආටිගල ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ද මෙම සංචාරයට එක්ව තිබේ.