පාර්ලිමේන්තුව නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර හමුවක් අද (21) පැවැත්වෙනවා. එ ජනාධිපති කාර්යාලයේදීයි.
පස්වරු 7ට එම සාකච්ඡාව ආරම්භ වීමට නියමිතයි.පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීම සහ ඊට සම්බන්ධ කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරෙනවා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර හමුවක් ඉකුත් සතියේද පැවත්වුණා.
එහිදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන්ට විපක්ෂයේ අසුන් ගැනීමට ජනාධිපතිවරයාගේ අවසරය හිමි වූ බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා මහතා ප‍්‍රකාශ කළේ.
හෙට පැවැත්වෙන හමුවේදි ද මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් ලබන බදාදා පැවැත්වීමට නියමිතයි.







