FAST NEWS

24×7 Around the Globe

එජාප මන්ත්‍රීවරුන් අද සිරිකොතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද (27) පෙරවරු 11ට සාකච්ඡාවක් සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලෙස දන්වා තිබේ.

පක්ෂය තුළ වර්තමානයේ පවත්නා අර්බුදය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ ජාතික සංවිධායක නවීන් දිසානායක විසින් මෙම කැඳවීම සිදුකර ඇත.

අද පැවැත්වෙන සාකච්ඡාවේදි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.