(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 3දා රැස්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
මහලේකම්වරයා මේ බව සඳහන් කර ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත අදහස් දක්වමිනි.
එමෙන් ම මේ වන විට පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ කටයුතු ද අවසන් වී ඇති බවත් හෙට දින පත් වන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය ද ලබුණු පසු ආසන පැනවීම් සියල්ල අවසන් කෙරෙන බවත් මහලේකම්වරයා පැවසීය.
ඒ අනුව පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සම්බන්ධව මේ දක්වා තීරණයක් හෝ නිශ්චිත ප්‍රකාශයක් සඳහන් කිරීම සිදු කළ නොහැකි බවයි මහලේකම්වරයා පැවසුවේ.









