FAST NEWS

24×7 Around the Globe

නව රජය හමුවේ ඇති ප්‍රධාන අභියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා නව රජය හමුවේ ප්‍රධාන අභියෝග 04 ක් පවතින බව පවසයි.

මීළඟ මාස තුන ඇතුළත පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් ආණ්ඩුව පිහිටුවා එය පවත්වාගෙන යාම මෙහි පළමු අභියෝගය ලෙස ඔහු මෙහිදී අදහස් දැක්වුවේය.

රටේ ජනතාවගේ මෙන්ම දේපල වලද ආරක්ෂාව ඇති කිරීම , බදු බර අඩු කිරීම , පාලනය සහ රාජ්‍ය තන්ත්‍රය සංවිධානය කර ගැනීම අනිකුත් අභියෝග ලෙස ඔහු දක්වයි.