රුවන්වැලි මහසෑයේ චූඩා මාණික්‍යය පැළඳ වූ කොත නිරාවරණය කිරීම අද

රුවන්වැලි මහසෑයේ චූඩා මාණික්‍යය පැළඳ වූ කොත නිරාවරණය කිරීම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය රුවන්වැලි මහ සෑ රඳුන්ට පැළදවීම ඊයේ (25) පස්වරුවේ සිදුකරනු ලැබූ අතර , අද (26) පෙරවරු 10.30 ට චූඩා මාණික්‍යය පැළද වූ රන් අලේපිත කොත නිරාවරණය සිදුකිරීමට නියමිතයි. 

ඒ, මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

රුවන්වැලි මහා සෑය, මීට පෙර අවසන්වරට ප්‍රතිසංස්කරණය කර චූඩාමාණික්‍ය පැළඳවීම සිදුකෙරුණේ 1939 වසරේදීයි. එම චූඩාමාණික්‍ය පළුදු වී දුර්වර්ණ වීම නිසා නව චූඩාමාණික්‍ය පැළඳවීමට පියවර ගනු ලැබීය.

රන් පාදමට මැණික් ගල් 5400 කට අධික ප්‍රමාණයක් ඔබ්බවා තිබීම ද මෙහි ඇති විශේෂත්වයයි.