FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සම්බන්ධ විමර්ශන වාර්තාව ගැන ප්‍රතිචාරය, මූන්ගේ අැගයීමට.

මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වුණු ශ්‍රී ලංකාව සම්බන්ධ විමර්ශන වාර්තාවට ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය දිරිගන්වමින් එම සංවිධානයේ මහලේකම්  බැංකී මුන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

අදාළ වාර්තාවේ දක්වා ඇති නිර්දේශ මගින් දිගුකාලීන සාමයක් සහ ස්ථාවරත්වයක් පවත්වාගෙන යාමට සහය දක්වන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම මානව හිමිකම් ගරු කිරීම සහ වගවීමේ ක්‍රියාවලියට සහ ජාතින් අතර සංහිඳියාව ඇති කිරීමට ශ්‍රී ලංකා රජය සහ ජනතාව ගෙන යන වැඩපිළිවෙළට තවදුරටත් සහය දක්වනු ඇති බව ද එම ප්‍රකාශයේ සදහන්.

ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ලැබී ඇති අවස්ථාවක පවතින ධනාත්මක තත්ත්වය ඉදිරියට පවත්වාගෙන යා යුතු බව ද බෑංකී මූන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් විසින් ඉදිරිපත් කළ පිටු 300 කින් සමන්විත වාර්තාව මගින් මෙරට තුළ මිශ්‍ර අධිකරණයක් පිහිටුවිම ඇතුළු නිර්දේශ රැසක් ඉදිරිපත් කර ඇත.