(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙසැම්බර් තුන්වනදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවත් දැනට පත් කර ඇති අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ආසන පනවා අවසන් බවත් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේදී පත් කිරීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් ද ආසන පැනවීමට කටයුතු කරන බවයි.
කෙසේ නමුත් මේ වන තෙක් විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, වැනි තනතුරු සඳහා මෙතෙක් පත් කිරීම් සිදු කර නැති බව සඳහන් වේ.
මීට අමතරව, වේත්‍රධාරීවරයා වැඩිදුරටත් පැවසුවේ පාර්ලිමේන්තුව වාරඅවසාන කිරීමේ සූදානමක් සම්බන්ධයෙන්ද නිල නොවන තොරතුරු ලැබී ඇති බවයි.








