FAST NEWS

24×7 Around the Globe

ඉහළ පොලිස් නිලතල 16 කට ස්ථාන මාරුවීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉහළ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට නව පත්වීම් සහ ස්ථාන මාරුවීම් ලබාදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මැතිවරණ කොමිෂන් සභාවේ එකගතාව මත අදාළ නව පත්කිරීම් සහ ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු , නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙකුට නව පත්වීම් සහ ස්ථාන මාරුවීම් ලබාදෙයි.

මිට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස පොලිස් පරිසර කොට්ඨාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න මහතා පත් කර ඇති බවට වාර්තා වේ.