(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (23) පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
කොළඹ නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරෙනු ඇත.
ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, රාජගිරිය, නාවල, කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගයේ මෙන්ම ඊට සම්බන්ධ සියළුම අතුරු මාර්ගවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.








