FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය සේවකයින්ට තාවකාලික විදෙස් ගමන් තහනමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියළුම රාජ්‍ය සේවකයින්ගේ විදේශ සංචාර නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා විසින් ඊට අදාළ ලිපිය යොමු කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.

ඒ අනුව අමාත්‍යාංශ, පළාත් සහ ආණ්ඩුකාර ලේකම්වරුන් වෙත ඊට අදාළ ලිපි යොමු කර තිබේ.