(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගාල්ල, වඳුරඹ මැදකීඹිය ප්‍රදේශයට බලපෑ ටොනේඩෝ තත්වයක් හේතුවෙන් නිවාස 11 කට පමණ අර්ධ හානි සිදු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම තත්ත්වය හේතුවෙන් පවුල් 20 ක පුද්ගලයන් 74 දෙනෙක් විපතට පත්ව තිබෙන අතර , වගා හානි තුනක් ද වාර්තා වී තිබේ.
විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ එක්ව මේ වන විට කටයුතු යොදා ඇත.








