(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනපති ආරක්‍ෂක රථ පෙළෙහි යන වාහන ගණන සීමා කිරීමට සුදාමනක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණයකට අනුව බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා සඳහා සැපයෙන ආරක්ෂක රථපෙළට ගිලන් රථයක් ද ඇතුළුව වාහන 15 ත් 20 ත් අතර ප‍්‍රමාණයක් ගමන් ගනී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම තීරණයට අනුව එම වාහන ගණන 02 කට හෝ 03කට සීමා කරනු ඇති බව වාර්තාවේ.
මේ අතර ජනාධිපතිවරයා සහිත රථ පෙළ ගමන් කිරීමේදී මාර්ග වසා දැමීම මින් ඉදිරියට සිදු නොකිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
තවද ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තාවේ.








